වී ගන්න ව්‍යාපාරිකයන්ට ණය දුන් හැටි රහසක්!

157

වී ගන්නවාද නැද්ද හොයාගන්න දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර නෑ

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් අඩු පොලියට ණය ලබාගෙන ඇතත් ඔවුන් එම මුදල් භාවිතා කර කොපමණ වී තොග ගන්නවාද වී කිලෝවක් සඳහා කොපමණ මුදලක් ගෙවනවාද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ නොහැකි බව දිස්ත්‍රික් ලේකම්වරයෙක් ‘දිවයින’ ට පැවසීය.

බැංකු ණය ලබාගත් ව්‍යාපාරිකයන්ගේ නම් ගම් හෝ ඔවුන් ලබාගත් ණය කොපමණද ඇතුළු කාරණා කිසිවක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී නැති නිසා ණය ලබාගෙන වී මිලදී ගත්තාද නැද්ද යන්නවත් සොයා බැලීමට නොහැකි බව ද හෙතෙම පැවසීය.

මෙවර මහ කන්නයේදී දිවයින පුරා වී වගා කළ දිස්ත්‍රික්කවල සාරවත් වී අස්වැන්නක් පවතින බවත් පැවසූ එම දිස්ත්‍රික් ලේකම්වරයා වගකිවයුතු බලධාරීන් ණය ලබාගත් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරනවා නම් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ හැකි බවද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment