ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන එල්බී ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය ආයතනය සහ එහි වාර්ෂිකා වාර්තාව 2023 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩි සම්මාන ප්‍රමාණයක් දිනාගත් මූල්‍ය ආයතනය බවට පත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනවලින් එකක් වන, එල් බී ෆිනෑන්ස් පීඑල්සී (L.B. Finance PLC) ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානයට පාත්‍ර වූ මූල්‍ය සමාගම ලෙස, එහි වාර්ෂික වාර්තාව 2023 වසරේදී ප්ලෙතෝරා සම්මානය දිනා ගන්නා ලදී.

මෙම සමාගමේ වාර්ෂික වාර්තාව ඉන්දියාවේ පැවති SAFA සම්මාන උළෙලේදී මූල්‍ය සේවා සමාගමක විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව වෙනුවෙන් රිදී සම්මානයද ආයතනික යහපාලනය සඳහා ී්ඍක්‍ සාංවත්සරික සම්මාන” ඛාණ්ඩයේ කුසලතා සම්මානයක්ද දිනා ගනු ලැබූ අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ ‍”TAGS සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම මූල්‍ය සමාගම බැංකු නොවන මූල්‍ය ආයතන වර්ගීකරණය ලෙස රන් සම්මානයද දිනා ගන්නා ලදී.

ඊට අමතරව, එල් බී ෆිනෑන්ස් වාර්ෂික වාර්තාව TAGS සම්මාන උළෙලේදී ඒකාබද්ධ වාර්තාකරණය ඛාණ්ඩයේ ලෝකඩ සම්මානයද ඩිජිටල් වශයෙන් පරිවර්තන වාර්තාකරණය ඛාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබූ වගයි.

තවද, එල් බී ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය වන CMA Sri Lanka විසින් සංවිධානය කළ සම්මාන උළෙලේදී, ඒකාබද්ධ වාර්තාකරණ ඛාණ්ඩයේ සම්මාන රැසක් 2023 වර්ෂය වෙනුවෙන් දිනා ගන්නා ලදී. එහිදී ප්‍රාග්ධනය පිළිබඳ විශිෂ්ඨ අනාවරණය වෙනුවෙන් සුවිශේෂිතා සම්මානයක්ද, විශිෂ්ඨතම ඒකාබද්ධ වාර්තා 10 ඇතුළත ස්ථානගත වෙමින් සමස්ථ සම්මාන උළෙලේ අනුශූරතාවයද දිනා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment