සර්වාංග රෝග සුවයට ආයුර්වේද සුවතා ප්‍රතිකාර

462

ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයක් යනු සම්බාහනය සිදු කරන මධ්‍යස්ථානයක්ම නොවේ. මෙහිදී පුද්ගලයාගේ කායික රෝගවලට බලපා ඇති හේතු හඳුනාගනු ලබයි.

 වර්තමානයේ අප ගතකරන කාර්ය බහුල ජීවිතය මත ශාරීරිකව සහ මානසිකව ද දැඩි ලෙස පීඩාවට පත්වේ. මෙම තත්ත්වය මත ශරීරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වය ද අධිකව සිදුවීම නිසා ඒවා ද ඉතා ඉක්මනින් රෝගී තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතී.

සර්වාංග රෝග සුවයට ආයුර්වේද සුවතා ප්‍රතිකාර

මෙවැනි තත්ත්වයන් හමුවේ විඩාවට පත්වන අපගේ සිරුරේ කායික සහ මානසික ක්‍රියාකාරිත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති නවතම ප්‍රතිකාර ක්‍රමයක් බවට ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන පත්ව ඇත.

 ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන

 නිරෝගී පුද්ගලයකුගේ කායික සහ මානසික සුවතාවය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිකාර විධි ක්‍රම සහ උපදේශන ලබාදෙන මධ්‍යස්ථාන ලෙස ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන හඳුන්වනු ලබයි.

 පුද්ගලයකුගේ නිරෝගී බව හඳුනා ගැනීමට ආයුර්වේදයේ අනුගමනය කරන විද්‍යාත්ම ක්‍රම කිහිපයක් ඇත. එහිදී සිරුරේ ඇති දෝෂ තත්ත්වයන් අනුව එය තීරණය කරයි. ඉන් ප්‍රධාන දෝෂ තුනක් වන්නේ වාත, පිත සහ කප යන දෝෂයන්ය.

සර්වාංග රෝග සුවයට ආයුර්වේද සුවතා ප්‍රතිකාර

 ඊට අමතරව සිරුරේ ආහාර ජීර්ණය, බහිස්‍රාවීය කටයුතු ආදී කායික ක්‍රියාවලිය සිදුවන ආකාරය, මානසික ක්‍රියාවලිය සහ ඉන්ද්‍රිය ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව විමසා බලනු ලබයි. ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව ද සිරුරේ නිරෝගී බව පිළිබඳව තීරණය කළ හැකියි. ඒ අනුව මේ සියලු දෝෂයන්ගේ ක්‍රියාකාරිත්වය අනුව පුද්ගලයකුගේ නිරෝගී බව තීරණය කරනු ලබයි.

 මෙය ආයුර්වේදයේ ශ්ලෝක පාඨකයකින් හඳුන්වා ඇත.

 ‘සමදෝෂ සමාග්නිශ්ච, සම ධාතුමළඃ ක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මනඃ ස්වස්ථ මිධ්‍යභිධීයතේ’

 මෙහි අරුත වන්නේ ත්‍රිදෝෂ සමතුලිතව ඇති අග්නිය සමතුලිතව පවතින හා ශරීර සප්ත ධාතු සමතුලිතව ඇතිව ශරීරයේ මළ පිටවීමේ ක්‍රියාවලිය සමතුලිතව හා ප්‍රසන්න වූ ආත්මයක්, ඉන්ද්‍රියන් හා මනසක් ඇති පුද්ගලයා නිරෝගී වේ යනුය.

 සිරුරට ආහාරයේ ඇති රස කොටස් ධාතු හතක් ලෙස උරාගනී. එය රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතු ලෙස ශරීරයට උරාගනු ලබයි.

 මෙලෙස නිරෝගී පෝෂණයක් සිරුරට ලැබෙන විට මනස ද සැහැල්ලුවේ.

 ඇතැම් පුද්ගලයන් ජීවත් වන පරිසරය අනුව සහ පවුලේ අයගෙන් තමා වෙත පවතින අවධානය අනුව ද මානසික නිරෝගීතාවය වෙනස් වේ. ඇතැම් අයගේ මානසික පීඩාවනට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ තමාට පවුලේ අයගෙන් ආදරය, සෙනෙහස සහ අවධානය අඩුවීමය.

 මේ සියල්ල පරීක්‍ෂාවට ලක්කර ප්‍රතිකාර ලබාදීම ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන මගින් සිදුකරනු ලබයි.

 ප්‍රතිකාර සිදුකිරීම

 ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයක් යනු සම්බාහනය සිදු කරන මධ්‍යස්ථානයක්ම නොවේ. මෙහිදී පුද්ගලයාගේ කායික රෝගවලට බලපා ඇති හේතු හඳුනාගනු ලබයි. ඒ අනුව එම පුද්ගලයාට ලබාදිය යුතු සම්බාහනය තීරණය කරනු ලැබේ. සිරුරේ සම්බාහනය කරන මර්මස්ථාන 127 ක් ඇත. ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව සිරුර පුරා ශක්තිය ගමන් කිරීමේ වේගය තීරණය වේ. එනිසා සම්බාහනයේදී පුද්ගලයාගේ කායික හෝ මානසික රෝගය හඳුනාගෙන ඒ අනුව මර්මස්ථාන හෙවත් නිල තෙරපුමට ලක් කළ යුතුය. එසේ නොමැතිව සිරුරේ ඇති මර්මස්ථාන සියල්ල තෙරපීමට ලක් කිරීම නිවැරැදි සම්බාහනය නොවේ.

 සම්බාහනයේදී පළමුව අධිපති මර්මස්ථානය හඳුනාගත යුතුය. එතැන් සිට සෙසු මර්මස්ථාන තෙරපුමට ලක් කළ යුතුය. එසේ නොවුණ හොත් සම්බාහනය නිසා විවිධ ආබාධ ඇතිවේ.

 අපගේ වසර විසි ගණනක අත්දැකීම් අනුව අප වෙතට සම්බාහන ප්‍රතිකාර ගැනීමට එන බොහෝ දෙනා පවසන්නේ තමාගේ රෝග තත්ත්වය වැඩි වූයේ සම්බාහනයෙන් පසුව බවය. ඊට හේතුවී ඇත්තේ නිවැදි සම්බාහනයක් ගැන නොදන්නා පුද්ගලයන් විසින් එම පුද්ගලයාගේ රෝගය හඳුනා නොගෙන සම්බාහන ප්‍රතිකාර සිදු කිරීමය.

 අපගේ සිරුරේ ඇති සියලු මර්මස්ථාන සම්බාහනය නොකරයි. සම්බාහනයට ලක් කළ යුතු සහ නොකළ යුතු මර්මස්ථාන ඇත. ඒවාට යෙදිය යුතු තෙරපුමක් ඇත. ඇතැම් දෙනා විවිධ උපකරණ භාවිත කරමින් තමා විසින්ම සිරුර සම්බාහනය කර ගනිති. එහිදී අනවශ්‍ය මර්මස්ථාන ද තෙරපුමට ලක්වී විවිධ රෝග තත්ත්වයන් මතුවිය හැකිය.

 සුවතා මධ්‍යස්ථානයේ සිදුකරන මානසික ප්‍රතිකාර සම්බන්ධව අප සතුව ඇති අත්දැකීම් අනුව බොහෝ දෙනා පැමිණෙන්නේ තමාට මානසික රෝගයක් ඇති බව හඳුනාගෙන නොවේ.

 ඔවුන් පැමිණෙන්නේ කායික රෝගයක් ගැන පවසමිනි. ඊට නිදසුනක් ලෙස වරක් එක් පුද්ගලයකු පැමිණියේ තමාගේ සිරුරේ පවතින තරබාරුව අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටය. එම පුද්ගලයා සමග කතාබහ කරන විට වැටහුනේ ඔහුගේ තරබාරුවට ප්‍රධාන හේතුව මානසික රෝගී තත්ත්වයක් බවයි. එනිසා ඔහුට ආහාර පාලනයෙන් පමණක් ප්‍රතිකාර කළ නොහැකි බව හඳුනාගෙන මානසික පීඩනයට අවශ්‍ය උපදේශනය සහ ආහාර පාලනය ලබාදීමට කටයුතු කළයුතුය.

 එසේම සම්බාහනය අලුත උපන් දරුවාට ද සිදුකළ යුතුය. දරුවාගේ සිරුරේ ඖෂධීය තෙල් වර්ග ආලේප කර අතපය, කම්මුල්, මුහුණ, කන් පෙති ආදිය මෘදුව සම්බාහනය කිරීමෙන් දරුවාගේ වර්ධනය හොඳින් සිදුවේ.

 ගැබිනි මවුවරුනට ප්‍රසූතිය පහසු කිරීම සඳහා සිදු කරන සම්බාහනයක් ඇත.

 මානසික ආතතිය සුව කිරීම සඳහා හිසට සහ සිරුරට සිදු කරන සම්බාහන ප්‍රතිකාර ඇත.

 එනිසා සුවතා මධ්‍යස්ථානයක් යනු අංගසම්පූර්ණ ප්‍රතිකාර ලබාදෙන ස්ථානයකි.

 වැඩිදුර විස්තර සඳහා 0703464466 හෝ +393393265184 ඇමතිය හැකිය.

සර්වාංග රෝග සුවයට ආයුර්වේද සුවතා ප්‍රතිකාර


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේද සම්බාහන පුහුණු උපදේශක ආයුර්වේද වෛද්‍ය  – එම්. වසන්ත පද්මකුමාර
 රාජගිරිය දේශීය වෛද්‍ය පීඨයේ (BAMS), කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ (MSC) උපාධිධාරී


සර්වාංග රෝග සුවයට ආයුර්වේද සුවතා ප්‍රතිකාර


මීගමුව කොච්චිකඩේ රෝමියෝ ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයේ අධිපති
 අයිවන් රොයිස්ටන් කෲස් පුල්ලේ
 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment