ඩීසල් නොලැබුණොත් දින 4 කින් දුම්රියත් කොටඋඩ

197

දුම්රියට ඩීසල් හිගයක් නෑ – දුම්රිය සාමාන්‍යාධිකාරි

දුම්රිය ධාවනයට අවශ්‍ය ඞීසල් තොග ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් තිබෙන බවත් තවත් දින හතරකට පසුව දුම්රියට අවශ්‍ය ඞීසල් දෛනිකව ලබා නොදුන්නොත් දුම්රිය ධාවන කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්. ජී. විතානගේ මහතා පැවසීය. 02 – පිටුවට

කොවිඞ් වසංගතයට පෙර, දිනකට දුම්රිය ගමන් වාර 344 ක් ක‍්‍රියාත්මක වුවත් මේ වනවිට දිනකට ධාවනය වන්නේ දුම්රිය ගමන්වාර 240 ක් පමණක් බවද ඒ මහතා කීය.

දුම්රිය ධාවන කටයුතුවලට අවශ්‍ය ඞීසල් ලීටර් ලක්‍ෂ පහක් හයක් පමණ ධාවනාගාරවල ගබඩාකර තිබුණත් මේ වනවිට එම සංචිත පහළ බැස ඇතැයි ද විතානගේ මහතා හෙළි කළේය.

මේ දිනවල ධාවනය වන දුම්රිය ගමන්වාර සඳහා දිනකට ඞීසල් ලීටර් 90,000 ක් පමණ අවශ්‍ය වන බවත් තව දින හතරකින් පමණ තිබෙන සංචිත ප‍්‍රමාණයත් අවසන් වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය. එසේ වුවහොත් දුම්රිය ධාවනයට අවශ්‍ය ඞීසල් දෛනිකව ලබාදීමට සිදුවන බවත් එසේ නොවුණහොත් දුම්රිය ධාවන කටයුතුත් කොට උඩ යනු ඇති බවත් ඒ මහතා කීය.

මේ වන විට කොළඹ හා තවත් ප‍්‍රදේශ කිහිපයක ධාවනාගාරවල තිබූ ඞීසල් ලීටර් 26730 ක් අඩංගු ටැංකිවලද ඉන්ධන හිඳී ඇතැයි ඒ මහතා පැවසීය.

තෙල් සංස්ථාව සතුවද මේ වන විට ඉන්ධන තිබෙන්නේ දින හත අටකට පමණකැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර ඇති නිසා දැනට කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි‍්‍රක් ටොන් 37500 ක් අඩංගු ඞීසල් නෞකාව වහා ගොඩබෑමට පියවර නොගතහොත් දුම්රිය ධාවනයටත් එය තදබල ලෙස බලපානු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment