අධිමානසිකත්වය හා පුද්ගල පෞරුෂය

324
2024.03.13 වන දින බදාදා අතිරේකයේ පළ වූ බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමි විසින් රචිත අධිමානසිකත්වය යන ලිපිය පැසසුම් කටයුතුය. ඒ අනුව උන්වහන්සේ තම ජිවිතයේදී අධිමානසිකත්වය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුකර ඇති අතර උන්වහන්සේ ද අධිමානසිකත්වය බෙහෙවින් පුරුදු කළ ස්වාමීන් වහන්සේ නමකි. විවිධ යෝග ක්‍රම, භාවනා ක්‍රම ආදිය ද පුහුණු කළ උන්වහන්සේ වසර 100 කටත් වඩා ආයුවළඳා අපවත් වූ සේක. අධිමානසිකත්වය පිළිබඳ පර්යේෂණ සිදුකරන තවත් ස්වාමීන් වහන්සේ නමක් වූයේ එවකට කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථනාධිපතිව වැඩ විසූ මඩවල උපාලි ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන අතර අධිමානසික විද්‍යා පර්යේෂණ බොහෝ සේ සිදුකර ඇති අතර එකල උන්වහන්සේගේ කුටියේ අධිමානසික විද්‍යා පරීක්ෂණ සඳහා උපයෝගී කොට ගන්නා උපකරණ ආදිය ද තැන්පත් කොට ඇති කාමරයක් ද තිබුණි.

මනෝ විද්‍යාවේ තවත් ඉතා සුවිශේෂී වූ පැතිකඩක් වන අධිමානසික විද්‍යා විෂය ධාරාව මේ වන විට ලොව විවිධ විශ්වවිද්‍යාලවල අධ්‍යයනයේ පවතී. තවද ශ්‍රී ලංකාවේද මේ වන විට මෙම විෂය පිළිබඳව අවධානය යොමු වී ඇත. මනෝවිද්‍යාව මගින් මිනිස් මනස පිළිබඳ අධ්‍යයනය කරන අතර මනෝ ව්‍යාධීන්ද අධ්‍යනය කරයි. මනස මෙන්ම සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ අධ්‍යනය කිරීම මනෝ විද්‍යාවේ මුඛ්‍ය පදනමයි. බුදුදහමේ උගැන්වෙන්නේ ද අපගේ සිත හා මනසේ ඇතිවන ස්වභාවයන් පිළිබඳවයි. ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ චේතනාව අනුව කර්මඵලය ඇතිවේ. චේතනාව යනු කුමක්ද? අප තුළ ඇතිවන සිතුවිල්ලයි. යම් සතෙකුට හෝ මනුෂ්‍යයෙකුට විපතක් කිරීමේ චේතනාවම අකුසල කර්මයක් වෙයි. අකුසල කර්මය නොකරත් එම සිතිවිල්ලම අකුසලයට බලපායි. මනෝ විද්‍යාවට අනුව සිත කොටස් ත්‍රිත්වයකට බෙදේ.

1 ID – මතුපිට සිත/උඩු සිත

2 EGO – මැදි සිත

3 SUPER EGO – ඇතුළු සිත

මෙම සිතෙහි ස්වභාව ත්‍රිත්වයෙන් ආධ්‍යාත්මයට බලපාන සිත වන්නේ ඇතුළු සිතයි. නැත්නම් යටි සිතයි. යටි සිතේ ඇති ආශ්චර්ය අප්‍රමාණය. ඒ අනුව අධිමානසික විද්‍යාවෙන් ගවේෂණය කරන්නේ යටි සිතයි. මනුෂ්‍යයෙකුගේ මනස තුළ ඇතිවන මනෝ ව්‍යාධියකදී ප්‍රතිකර්ම කළ යුත්තේ යටි සිතටයි. මහෝහන නිද්‍රාව මගින් සිදු කරන්නේ යටි සිතේ තැන්පත් වී ඇති ව්‍යාධීන් දුරු කරවීමයි. මෙම ලිපියෙන් විiමාන කිරීමට උත්සාහ කරන්නේ යටි සිතේ තැන්පත් වී ඇති ආධ්‍යාත්මකත්වය අවදි කිරීම මගින් පුද්ගල පෞරුෂයට එහා සමානව වර්ධනය වන ආකාරය පිළිබඳ සොයා බැලීමයි. මෙය පර්යේෂණාත්මකව අධ්‍යයනය කළ හැකිය. සිත තුළ ආධ්‍යාත්මය වර්ධනය වීමේදී පුද්ගල පෞරුෂත්වය සංවර්ධනය වන්නේ කෙසේද? මෙය හුදෙක් බුදුදහම ප්‍රමුඛ කොට නිරීක්ෂණය කිරීමේදී බෞද්ධයා යනු කවරෙක්ද? යනුවෙන් යම් පුද්ගලයෙකු ඇසුව පැනයට පිළිතුරු වශයෙන් ලබාදිය හැක්කේ බෞද්ධයා යනු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිත්වය අර්ථාවබෝධයෙන් යුතුව අවබෝධ කරගෙන එය ක්‍රියාවෙහි යෙදවිය හැකි තැනැත්තාය යන අර්ථයයි. මෙහි ශීලය යනු අප විසින් රකිනා පංචශීලය හෝ ආජීව අට්ඨමග සීලයයි. සිල් රැකීමෙන් සිතෙහි සමාධියක් ඇතිවේ. සමාධිය හමුවේ ප්‍රඥාව වර්ධනය වේ.

අධිමානසිකත්වය හා පුද්ගල පෞරුෂය

බෞද්ධයා යනු ප්‍රඥාධික පුද්ගලයාය යනුවෙන් සඳහන් කළ හැකිය. සීලය රකිනා පුද්ගලයාට සමාධිය වර්ධනය වන්නේ සිත එකඟවීමෙනි. විසිරුනු සිත එකඟවීමෙන් සමාධිය ඇතිවේ. ප්‍රඥාව පහළ වේ. සමාධිගත පුද්ගලයාගේ අධිමානසිකත්වය වර්ධනය වේ. අධිමානසික විද්‍යාව පිළිබඳ ලෝකයේ අවධානය යොමුවන්නේ අහඹු ලෙස හමුවුණු විවිධ පුද්ගලයන්ගේ අසාමාන්‍ය ක්‍රියා නිසාවෙනි. සාමාන්‍ය පුද්ගලයෙකු සතු නාවන අසාමාන්‍ය දෑ සිදුකළ හැකි පුද්ගලයන් අපට හමුවන්නේ කලාතුරකිනි. ඒ අනුව බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමි තම චිත්ත බලය දියුණු කර තිබූ බවට උන්වහන්සේගේ ජීවන කතාව කියවීමේදී අපට විද්‍යාමාන වන කරුණකි. අධිමානසිකත්වයක් පුද්ගලයෙකුට වර්ධනය වන ක්‍රම ද්විත්වයක් ඇත. එකක් උප්පත්තියෙන්ම වර්ධනය විය හැකිය. තවත් ලෙසකට සතතාභ්‍යාසයෙන් වර්ධනය විය හැකිය. සතතාභ්‍යාසයෙන් වර්ධනය කර ගැනීමට කැප කිරීමක් සිදුකළ යුතු අතර ඒ සඳහා භාවනාව පුරුදු පුහුණු කළ යුතුය. විවිධ යෝග ක්‍රම පුරුදු කළ යුතුය. යෝග ක්‍රම පුරුදු කිරීමෙන් මෙම ශක්තිය ළඟාකර ගත හැකිය. උදාහරණයක් ලෙස කුණඩලනී යෝග භාවනාව පුරුදු කිරීම මගින් ශරීරයේ තිබෙන රෝගී ස්ථාන පවා විනිශ්චය කරගත හැකිය.

මෙම යෝග ක්‍රමයේදී ශක්ති චක්‍ර 07ක් සංඛේතවත් කරන අතර මෙයින් වැදගත් වෙන්නේ ග්‍රවීය චක්‍රය හෙවත් උගුර ආශ්‍රිතව මතුවන ශක්ති චක්‍රය, නලල ආශ්‍රිතව මතුවන චක්‍රය හෙවත් ලලාට චක්‍රය, හිස් මුදුන ආශ්‍රිතව මතුවන චක්‍රය හෙවත් ශහශ්‍ර චක්‍රයයි. ශහශ්‍ර චක්‍රය ඉතා බලවත් වන අතර එය හරහා දෙවියන් සමග ගනුදෙනු කළ හැකිය. බුදුරජාණන් වහන්සේ බුදුවීමට ප්‍රථම සිදුහත් තවුස් දම් පුරණ සමයේ මෙම යෝග ක්‍රම ආදිය පුහුණු කර තිබෙන්නට ඇතිය. මෙම යෝග ක්‍රම හරහා මනුෂ්‍ය මනසේ ආධ්‍යාත්මය වර්ධනය කර ගත හැකි අතර ඉන් පුද්ගල පෞරුෂත්වය ද වර්ධනය කර ගත හැකිය.

අධිමානසික විද්‍යා විෂය ලොව ප්‍රචලිත වන්නේ මෑතකාලීනවය. මන්ද යත් නොපෙනෙන ලොව බොහෝ දෑ මිනිසුන් විශ්වාස නොකරන අතර අධිතාක්ෂණික මෙවලම් හමුවේ නොපෙනෙන ලොව බොහෝ දේ විනිශ්චය කර ගැනීමට හැකි වී තිබේ. විලියම් කෲස් විද්‍යාඥයා විසින් ලොව ප්‍රථම වරට නිෂ්පාදනය කළ අධෝරක්ත කැමරාව උපයෝගී කරගෙන නොපෙනෙන ලොව භූතාත්මයක් ඡායාරූප කරගැනීමට හැකිවිය. මෙය අධිමානසික විෂය ධාරාව පිළිබඳව උනන්දුවක් දැක්වීමට මෙන්ම ලෝකයාගේ අවධානය විෂය කෙරෙහි යොමුවීමට මහත් පෙළඹවීමක් විය. මෙම නොපෙනෙන ලොව සිටින ජිවීන් කැමරාවට හසුවන වාර අනන්තය. අහඹු ලෙස මෙම ජිවීන් සාමාන්‍ය කැමරාවට හසුවන අතර අධෝරක්ත කැමරාව නිපදවා ඇත්තේ වඩාත් හොඳින් මෙම ජීවීන් කැමරාගත කර ගැනීමටය.

ඇත්ත වශයෙන්ම මෙවැනි අපට නොපෙනෙන තවත් ලෝකයක් ඇත. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේදී පවා මෙම ලෝක පිළිබඳව සඳහන් කළ බවට සාක්ෂි සාධක සපයන්නේ විමානවත්ථූප්‍රකරණය හා ප්‍රේතවත්ථූප්‍රකරණයයි. විමාන වත්ථූප්‍රකරණයෙහි විමාන යනු දිව්‍ය ලෝකයයි. දිව්‍ය ලෝක පිළිබඳව සඳහන් කරන විස්තූරය ඇතුළත් වන්නේ විමානවත්ථූප්‍රකරණයෙහිය. ප්‍රේතවත්ථූප්‍රකරණය යනු ප්‍රේතලෝකය පිළිබඳ විස්තර කිරීමයි. මෙම ග්‍රන්ථ ද්විත්වය පරිශීලනය කිරීමේදී බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් දේශනා කළ දෙවියන් ප්‍රේතයන් පිළිබඳව විස්තරයක් උකහා ගත හැකිය. විවිධ දෙවිවරුන්ගේ ස්වභාවය, ආලෝකය දෙවිවරුන්ගේ හැඬරුව ආදිය විස්තරාත්මකව දැක්වේ. තවද ප්‍රේත ලෝකද එසේය. ප්‍රේත ලෝකවල විස්තර ප්‍රේතයන්ගේ හැඩරුව ආදිය දැක්වේ. උස් මිටි බව දිග දිවක් ඇති බව විකෘති බව යනාදී වශයෙන් දැක්වේ.

විලියම් කෲස් විද්‍යාඥයා දක්වන ලෙසට මෙම විවිධ ප්‍රේත කොට්ඨාසවලින් පොලිටිගයිස්ට් නමින් නම් කළ ප්‍රේත කොට්ඨාසය මින් විශේෂය. සාමාන්‍යයෙන් භූතාත්මයන්ට භෞතික ලෝකයේ කිසිවක් ස්පර්ශ කිරීමට නොහැකි ලෙස පිළිගැනුනත් මෙම භූතාත්ම කොට්ඨාසයට භෞතික ලොව ඕනෑම දෙයක් ස්පර්ශ කළ හැකිය. එපමණක් නොව චලනය කළ හැකිය.

අධිමානසිකත්වය හා පුද්ගල පෞරුෂය

එසේම භූතාත්මයක් මාර්ගයෙන් අපට තොරතුරු දැනගැනීමේ හැකියාව ඇත. එම තොරතුරු දැනගැනීමට අධිමානසික විද්‍යා විෂය තුළ භාවිත කරන පර්යේෂණ ලී වලින් නිපද වූ බෝඩ් ලෑල්ලක් ඇත. එය අප ඌජා බෝඩ් ලෙස හඳුන්වමු. මෙම ලෑල්ල මත අත තබාගෙන තමාට උදව් කිරීමට කැමැති ආත්මයක් එන්නට යැයි ආයාචනා කරමින් මදක් සිටින විට එසේ කැමැති ආත්මයක් සිටී නම් පැමිණේ. එසේ පැමිණුන විට අපගේ අතට යම් වෙනසක් දැනේ. එවිට අපට ප්‍රශ්න කළ හැකිය.

නම ඇසිය හැකිය. වයස ඇසිය හැකිය. තවත් තොරතුරු ඇසිය හැකිය. නමුත් මෙම පර්යේෂණය සිදු කිරීමේදී නිසි ගුරුවරයෙකු හෝ පළපුරුදු අයෙකු සමගින් කළ යුතු අතර පැමිණි භූතාත්මය නැවත පිටත් කළ යුතුය. මෙම ඉහත දක්වා ඇති බෝඩ් ලෑල්ලෙහි ඇති හදවත් හැඩය ඇති කුඩා ලෑලි කැබැල්ලට අත්තබා ගත යුතුය. භූතාත්මය පැමිණි පසු එය චලනයවීමට පටන් ගනී. තවද යම් පුද්ගලයෙකුගේ අධිමානසිකත්වය පර්යේෂණාත්මකව අධ්‍යයනය කළ හැකිය. ඒ සඳහා අධිමානසික විද්‍යා පර්යේෂණ කාඩ්පත් විශේෂයක් ඇත.

අධිමානසිකත්වය හා පුද්ගල පෞරුෂය

මෙම කාඩ්පත්වල ඇති සංකේත වර්ග පහක් ඇති අතර මේවා පර්යේෂණය සඳහා නියැදියක් වශයෙන් ගන්නා පුද්ගලයාට පෙන්වා සංකේත හඳුන්වා දී එය නැවතත් පර්යේෂණ සකස් කොට පිළිවෙළකට තබා කාඩ්පත් දෙස නොබලා පර්යේෂණ බඳුන්වන පුද්ගලයාට කාඩ්පත් තබා ඇති පිළිවෙළ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දේ. ඒ අනුව එසේ කීමට හැකි නම් ඔහුගේ හෝ ඇයගේ අධිමානසික තත්ත්වයක් වර්ධනය වී ඇති බව සඳහන් කළ හැකි වේ.

මෙය අධිමානසික විද්‍යා පර්යේෂණ ක්‍රමවේදයකි. අධිමානසික ශක්තිය හැඳින්වීමට Eextra Sensory perception යන වදන භාවිත වේ. මෙම තත්ත්වය මොළයේ සිදුවන රසායනික විපර්යාසයක් මත ඇතිවන අධිමානසික තත්ත්වයකි. මෙම තත්ත්වය භාවනාවෙන් දියුණු කර ගත හැකිය. ඒ පිළිබඳව ලොව විවිධ පර්යේෂණ සිදුවේ. වර්තමානය වන විට එම පර්යේෂණ තවත් දියුණු වී ඇත.

අධිමානසික තත්ත්වයන් ගොඩනඟා ගත් පුද්ගලයාගේ පෞරුෂය ඉතා ඉහළ මට්ටමක පවතී. ඔහු සමාජයේ කැපී පෙනේ. එපමණක් නොව කථනයේදී බොහෝ සංවරශීලී වේ. හිත බොහෝ සංයමයකින් පවත්වා ගනී. සීලවන්ත වේ. ගුණවන්ත වේ. නැණ වන්ත වේ. එවැනි පුද්ගලයන්ගේ ශරීරය ඉතා ප්‍රභාශ්වර වේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය ප්‍රභාශ්වර වූයේ එසේය. මෙම ප්‍රභාශ්වර වීමට බලපාන සාදකය වන්නේ ඇල්ෆා කිරණය ප්‍රබල වීමයි. ඇල්ෆා කිරණය සුදු පැහැති වන නිසා එය ප්‍රබලව පිටවන පුද්ගල ශරීරයේ මතුපිට ප්‍රභාශ්වර භාවයක් ඇතිවිය හැකිය. බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමි මෙම අධිමානසික විද්‍යා පර්යේෂණ බොහෝ සෙයින් සිදුකළ ස්වාමීන්වහන්සේ නමක් වන අතර උන්වහන්සේගේ චරිතාපදානය ඇතුළත් කෘතිවල උන්වහන්සේ සමග කළ සාකච්ඡා ආදිය විශ්ලේෂණය කිරීමේදී අපට වටහාගත හැකිය.

● සංඛ සොඳුරුවිල
අධිමානසික විද්‍යා පර්යේෂක

advertistmentadvertistment
advertistmentadvertistment