කොණ්ඩෙ ජනයා සමඟ සබඳතා පැවැත්වූ තිදෙනෙකු බඩුත් එක්ක දැලේ

446

අඟුලාන දුම්රිය පොල ඉදිරිපිට නිවසක තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, දේශීයව නිපද වූ කුඩා පිස්තෝලයක් , ජීව අත්බෝම්බයක්, ජීව උන්ඩ 10ඛ්, කිණිසි 02ත්, කුඩා කඩු 02ක්, මන්නා පිහියක් සහ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල නායක කොණ්ඩෙ ජනයා සමඟ මෙම පුද්ගලයින් සබඳතා බවත්වා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම අත්අඩංගුවට පත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව විශේෂ කාර්ය
බළකා නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment