මේ වසරේ මාස හතරට මාරක අනතුරු 667 කින් 709ක් මියගිහින්

92

මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ ගෙවී ගිය මාස හතර තුළ සිදු වූ මාරක අනතුරුවලින් පුද්ගලයන් 709 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එම කාලසීමාව තුළ සිදු වූ මාරක අනතුරු 667 කින් මෙම පිරිස මියගොස් ඇත. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් වන අතර එම සංඛ්‍යාව 220 කි. දෙවනුව වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ත්‍රිරෝද රථවලිනි.

එම මාස හතරක කාලය තුළ සිදු වූ මාරක අනතුරු 667 කින් මගීන් 102 දෙනකු මියගොස් ඇත. මියගිය පදිකයන් ගණන 179 ක් වේ. මීට අමතරව එම කාලසීමාව තුළ බරපතළ අනතුරු 2160 ක් හා සුළු අනතුරු 3201 ක්ද සිදුව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment