“මගේ උරහිස් මත’ එල්ෆින්ස්ටන් හිදී

102

ජර්මන් ජාතික සම්මානලාභී රංග වින්‍යාස හා නර්තන ශිල්පී රෆායෙල් හිල්බ්‍රෑන්ඩ්ගේ (Raphael Hillebrand) නවතම නිර්මාණය වු “මගේ උරහිස් මත” (On my shoulders) නම් නර්තන රංගයේ දර්ශන වාර දෙකක් මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී ජුලි 31 වන ඉරිදා සවස 6.00 ට මහජන දර්ශනයක් ලෙසින්ද අගෝස්තු 01 වන සඳුදා සවස 3.00 ට පාසල් දර්ශනයක් ලෙසින්ද රංගගත කිරීමට ජර්මන් සංස්කෘතික ආයතනය විසින් කටයුතු යොදා තිබේ.

රෆායෙල්ගේ ඒකපාත්‍ර නර්තන රංගයක් වන “මගේ උරහිස් මත” ඔහු විසින් නිෂ්පාදනය කොට ඇත්තේ ජර්මනියේ බාල්හවුස් නාට්‍යායතනය වෙනුවෙනි. 1980 හා 90 දශකවල ඔහුගේ බර්ලිනයේ අත්දැකීම් මත පදනම්ව මෙය නිර්මාණය වී ඇත්තේය.

2021 හා 2022 කොළඹ ජාත්‍යාන්තර නාට්‍ය උළෙලට මෙය ඉදිරිපත් කරන්නට අපේක්ෂා කළ ද කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ නොහැකි වූ නමුත් අත්‍යවශ්‍ය සංස්කෘතික හුවමාරුවක් පවත්වා

ගැනීම පිණිස මේ වත්මන් අර්බුද අවස්ථාවේ වුවද ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් මේ අවස්ථාව අත්නොහරිනු ඇතැයි බලාපොරොත්තු වන බව ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ස්ටෙෆාන් වින්ක්ලර් පවසයි.

“මගේ උරහිස් මත” රංගයේ ආරාධනා පත්‍ර අංක 39, ග්‍රෙගරි පාර, කොළඹ 7, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් හෝ 0117201299 අමතා එම්. සෆීර් මහතා වෙතින් හෝ ලබාගත හැක.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment