රනිල්ගේ ඔක්කොම සෙල්ලං ඔක්තෝම්බර් 17 වැනිදා වෙනකම් විතරයි- ජාජබ නායක අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි

202

ඔක්තෝම්බර් 17 න් පසු එක් දිනක්වත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනාධිපති හැටියට කටයුතු කළ නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ පෙරේදා (24දා) මහනුවර දිස්ත්‍රික් සමුළුවට අමතමිනි.

තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

“විවිධ සාකච්ඡා ගොඩනැගෙමින් තියෙනවා ඡන්දය තියයිද? නැද්ද? කියලා. ඔක්තෝම්බර් 17 න් පස්සෙ එක දවසක්වත් රනිල් වික්‍රමසිංහට අපේ රටේ ජනාධිපති හැටියට වැඩ කරන්න බැහැ. ඒ නිසා රනිල් මාර දහන්ගැටකාරයා කියනවනේ. ඔක්තෝම්බර් 17 ට කලින් එයා එයාගේ ජනාධිපතිධුරය අත්හැරලා පස්වැනි ලේන් එකට ගිහින් ගෙදර ඉන්නවා. මං අද කියනවා.

“රැවටීමෙන් රැවටීමකට භාජනය වූ ජනතාවත්, පීඩාවෙන් පීඩාවට පත්වුණු ජනතාවත්, අපේක්‍ෂාවන් අහිමිවුණු තරුණයින්ගේ අනාගතයත්, බෙහෙත් නැති ලෙඩ්ඩුන් මෙහෙම රටක් අද තියෙන්නේ. අපිට කිසිසේත්ම මේ ජනතාව රැවටීමකට යුක්තිසහගත අයිතියක් නැහැ. ඒ නිසා අපි ඔබට සපථ කරන්නම් සහතික කරන්නම් මේ රටේ ජනතාවත් විදුලිය කෝච්චියේ නංවන්න නව යුගයක් ආරම්භ කළ යුතුයි.

පැරණි තැන ඉඳන් අහන සමහර ප්‍රශ්න නැවතත් අපෙන් අහන්න එපා කියලා ඉල්ලනවා. මේක ඡන්දයක්ම විතරක් නොවෙයි. පරිවර්තනීය යුගයක ආරම්භයක් බව මතක තබාගන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සිරිල් විමල සුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment