වට්ස් ඇප් මගින් හමුවූ කතක් තවත් කතකට කළ හදියක්

1777

ලී බඩු අලෙවිය සඳහා ඇති බවට මුහුණු පොතේ පළකර තිබූ දැන්වීමකට අනුව එම ලී භාණ්ඩ ලබාගැනීමට මුදල් යවා රැවටුණු කාන්තාවක් ඉකුත් 13 දා තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදුකර ඇත.

මුහුණු පොතෙන් ලී බඩු විකිණීමක් සම්බන්ධයෙන් පළකර තිබූ දැන්වීමක් දැක මෙම පැමිණිලිකාර කාන්තාවත් දැන්වීම පළකර තිබූ කාන්තාවත්, වට්ස් ඇප් මාර්ගයෙන් සම්බන්ධ වී අදාළ ලී බඩුවල මිල පිළිබඳව සාකච්ඡා කොට ඇත.

අනතුරුව පැමිණිලිකාර කාන්තාවට අවශ්‍යව තිබූ ලී අල්මාරියක්, ඇඳක් සහ කණ්ණාඩි මේසයක් ගැනීම පිණිස මෙම දැන්වීම පළකළ කාන්තාවට ඉකුත් 7 දින රුපියල් එක්ලක්ෂ හාරදාහසක මුදලක් තඹුත්තේගම නගරයේ බැංකුවකින් කැස්බෑව ප්‍රදේශයේ බැංකු ගිණුමකට මුදල් බැර කර තිබිණි.

පසුව මෙම කාන්තාව ලී බඩු එවන්නෙ කවදා දැයි යන්න අදාළ දැන්වීම පළකළ කාන්තාවගෙන් විමසා ඇති අතර එම කාන්තාව එහිදී පැමිණිලිකාර කාන්තාවට පවසා ඇත්තේ හදිසියේ ලී බඩුවල මිල වැඩි වූ බවත් එම නිසා එම ලී බඩු ලබාදීමටනම් තවත් රුපියල් 20,000ක මුදලක් එම ගිණුමට යළිත් බැරකරන ලෙසයි. පසුව මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වුණු මේ කාන්තාව මෙලෙස තඹුත්තේගම මූලස්ථාන පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර කර ඇත.

මකුලෑව එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment