තඹුත්තේගම රෝහලේ වකුගඩු දොස්තර නිල නිවාසේ ඇඳ උඩ මියගිහින්

202

තඹුත්තේගම මූලික රෝහලේ, වෛද්‍යවරයෙක් ඊයේ (13) දින එම වෛද්‍යවරයාගේ නිල නිවසේ ඇඳක් මත හදිසියේ මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, මෙම රෝහලේ වකුගඩු, රුධිර කාන්දුකර්ණ ඒකකයේ රාජකාරි කළ වෛද්‍ය අමිල සඳකැලු‍ම් දිසානායක නැමැති 34 හැවිරිදි නාරම්මල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

වෛද්‍යවරයා තඹුත්තේගම රෝහලට සෙනසුරාදායින් පසු නොපැමිණීමත් මොහු තඹුත්තේගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානටද එම දිනෙන් පසු නොපැමිණි බවට තහවුරු වී ඇත. පසුව 13 දිනයේද වෛද්‍යවරයා රෝහලට නොපැමිණි බැවින් සහ වෛද්‍යවරයාට රෝහලෙන් ගත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නැති නිසාවෙන් රෝහලේ හෙදියක විසින් සුලු‍ සේවකයෙකුට රෝහල ආසන්නයේ පිහිටි වෛද්‍යවරයාගේ නිල නිවාසයට ගොස් සොයා බලන ලෙස දන්වා ඇත. එහිදී එම සේවකයා නිල නිවස ඇතුලට ගොස් බලන විට වෛද්‍යවරයා ඇඳමත මියගොස් සිටිනු දැකඇත.

පසුව මේ සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩල විසින් තඹුත්තේගම මූලස්ථාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම පොලිසිය තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ද කැඳවීමට කටයුතු කර තිබිණි.

මකුලෑව – එල්.ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment