කලාවැවේ දිය නාමින් සිටි කාන්තාවකට කිඹුල් ප්‍රහාරයක්

1181

හුරීගස්වැව පොලිස් වසමේ සියඹලාගස්වැව ප්‍රදේශයේ කාන්තාවක් කිඹුලෙකු සපා කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව හුරීගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, සියඹලාගස්වැව, හුරීගස්වැව ලිපිනයේ පදිංචි පනස්පස් හැවිරිදි එල්.ආර්.ජී ලීලාවතී නමැති කාන්තාවකි.

තුවාලකාරිය නිවස ආසන්නයෙන් ගලා බසින, කලා වැවේ දිය නාමින් සිටිය දී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙම කිඹුලා සපාකෑම හේතුවෙන් ඇගේ දකුණු අතට තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් වනජීවී අංශ නිලධාරීන් දැනුවත් කර, මෙම ප්‍රදේශයේ දිය නෑමෙන් වැළකී සිටින ලෙසට පුවරු සවි කර ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

හුරිගස්වැව සහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ජී. එන්. තිලක් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment