මහින්ද දැන් විශ්‍රාම සුවයෙන් සිටිය යුතුයි-ලොහාන් රත්වත්තේ

501

තවමත් මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ වුවත් දැන් එතුමා විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලය එළඹ තිබෙන බව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ජනතාව ප්‍රතික්ෂේප කරන දිනක දේශපාලනයෙන් ඉවත් වීමට කවුරු වුණත් සූදානම් විය යුතු බවත් තමන් වුවද එලෙස ඉවත් වීමට කැමැති බවත් හෙතෙම කියා සිටියේය.

එසේ නොමැතිව අරගලකරුවන්ට බයේ දේශපාලනය අත් හැරීමට තමන් සූදානම් නැති බවත් රත්වත්තේ මහතා කීවේය.

මේ රටට මහින්ද රාජපක්ෂ මහතා තරම් සේවයක් කළ වෙනත් නායකයකු නොමැති බවත් ඒ මහතා කීය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු මතභේදයක් නොමැති බවත් රටේ ජනතාවගේ යහපත පිණිස අවශ්‍ය නම් එජාපය හා පොහොට්ටුව එක්ව ගමනක් යෑමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණයක් ලබා දෙන්නේ ජනතාවට අවශ්‍ය වෙලාවට මිස අරගලකරුවන්ට ඕනෑ වෙලාවට නොවේ යැයි ද ඒ මහතා කීය.බල කිරීම් මගින් මැතිවරණ දිනා ගැනීමට නොහැකි බව විපක්ෂය තේරුම් ගත යුතු යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment