කොවිඞ් තතු..

309

පෙරේදා (16) දින කොවිඩ් මරණ 171ක් සිදුවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) දින තහවුරු කර තිබේ.
මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6434ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

එලෙස මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සඳහන් කර ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3555 ක් බව යුද හමුදාපතිල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365629ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊට අමතරව ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2283ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ප‍්‍රමාණය 314340ක් විණ.

advertistmentadvertistment
advertistmentadvertistment