ජෙයරාජ්ගේ කාලයේ ගෙන්වූ කෝටි 12 ක් වටිනා වී කොටන යන්ත්‍ර 148 ක් සතොසේ දිරයි

69

මීට වසර දහසයකට පමණ ඉහත ජෙයරාජ් ප්‍රනාන්දුපුත්ලේ මහතා වෙළෙඳ ඇමැතිවරයාව සිටියදී සතොස මගින් මෙරටට ආනයනය කළ රුපියල් කෝටි දොළහකට අධික වටිනාකමින් යුතු වී කොටන යන්ත්‍ර එකසිය හතළිස්අටක් සතොස මූලස්ථානයේ විනාශ වෙමින් තිබේ.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගෙන් පසු සතොස භාරව වෙළෙඳ හා සමූපකාර ඇමැතිවරුන් රැසක් ඇමැතිකම් දැරුවද මෙම වී කොටන යන්ත්‍ර මෙරට ගොවි ජනතාවට බෙදා දීමක් හෝ අලෙවි කිරීමක් සිදුව නැත. අදාළ යන්ත්‍ර තොගය මේ වන විට සතොස මූලස්ථානයේ ඇති කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්) ගොඩනැගිල්ලක දමා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශාල මුදලක් වැය කර සතොස මගින් ආනයනය කළ මෙම සියලුම යන්ත්‍ර ආරක්ෂිත ආවරණ පවා ඉවත් නොකර අතහැර දමා තිබෙන අතර වත්මන් වෙළෙඳ ඇමැතිවරයා විසින්

පසුගියදා සතොස ඈවර කිරීමටද තීරණය කරනු ලැබිණි.

මෙතරම් වටිනා යන්ත්‍ර තොගයක් මෙරටට ආනයනය කර මේ අන්දමට අතහැර දැමීමට සතොස බලධාරීන් හා පැවති රජයන් ක්‍රියා කළේ ඇයිදැයි යන්න රහසක් වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment