ආසියානු කුසලාන ඩුබෝල් ශූරයන් ඇගයෙති

172

ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති ආසියානු කුසලාන ඩුබෝල් ( Due Ball ) තරගාවලියේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මඩකලපුව බැටී එම්පයර් ක්‍රීඩා සමාජය (Batti empire club ) සමත් විය. එම කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාවලඩි හිදී පැවැත්විණි.

ආසියානු කුසලාන ඩුබෝල් (Due Ball) තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව ඉරාකය දිනාගත් අතර අනුශූරතාව ඉන්දියාව විසින් දිනාගන්නා ලදි.

උපහාර ප්‍රදානයේ අවස්ථාවක් සහ ජයග්‍රාහී කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයා සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් මෙහි දැක්වේ.

ආසියානු කුසලාන ඩුබෝල් ශූරයන් ඇගයෙති
advertistmentadvertistment
advertistmentadvertistment