ඇස් රෝගය පාලනය කරගන්න මුහුණ ඇල්ලීමෙන් වළකින්න අත් බෙහෙත් කරන්න එපා – මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් කුමාර

135

මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර ශීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රෝෂන් කුමාර මහතා කියයි.

ඔහු මෙසේද කීය.

මෙම රෝගය නිසා ඇස්වල වේදනාකාරී තත්ත්වය සහ ඇස් විවෘත කිරීමේ අපහසුතාවය, කඳුළු ගැලීම, කබ ගැලීම සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල අපහසුතාවයන් ඇතිවීම සිදුවිය හැකියි.

රෝගයේ මූලික අවස්ථාවේදී ඇස කැසීම වැනි රෝග ලක්‍ෂණ දක්නට තිබෙනවා. විශේෂයෙන් ම මෙම රෝගීන්ගේ රෝගී ඇසක ශ්‍රාවයන්, නිරෝගී ඇසක ස්පර්ශ වීම නිසා රෝගී වීමට හැකියි. මේ හේතුව ගැන විශේෂයෙන් පාසල් දරුවන් සැලකිලිමත් විය යුතුයි.

මෙම ඇස් රෝගය බෝවීම පාලනය කර ගැනීම සඳහා මුහුණ ඇල්ලීමෙන් සෑම විටම වැළකී සිටීම, ඇස් හෝ මුහුණ ඇල්ලීම් සිදු කරන්නේ නම් නිතර සබන් යොදා අත් සෝදා අත් පිරිසිදුව තබා ගැනීම සහ රෝගීන් ස්පර්ශ වීමෙන් වැළකී සිටිය යුතු බව ද රෝෂන් කුමාර මහතා පවසයි.

ඊට අමතරව හැකි හැම අවස්ථාවකම sanitizer යොදා අත් පිරිසිදු කර ගැනීම වැදගත් බවත් ඔහු කියයි. රෝග ලක්‍ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වන අතර දේශීය අත් බෙහෙත් හෝ වෙදකම් කිරීම් නිසා රෝගය උත්සන්න වීම සහ වෙනත් ද්විතික ආසාදන ඇතිවීමේ අවදානමක් පවතී. එසේම රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රෝගය අධික වශයෙන් බෝවන කාලය, කාලසීමාව තුළ දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටීම සුදුසු බව යෝජනා කෙරේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment