ජනතා විශ්වාසය ගොඩනඟන්න නම් සර්ව පාක්‍ෂික පාලනයක් ඕනෑ – මොහොමඩ් මුසම්මිල්

92

මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (03 දා) පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවේ තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

අපි තමයි සර්ව පාක්‍ෂික පාලනයක් පිහිටුවිය යුතුයි කියලා මුලින්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ. නමුත් එතුමා ඒ යෝජනාව බැහැර කරපු හින්දා අද එතුමාට අත්වෙලා තියෙන ඉරණම පේනවනේ. ඒ නිසා මේක දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව හැමෝම දුක් විඳින වෙලාවක්. දේශපාලනඥයන් කාගේත් වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. මහජනයාගේ විශ්වාසය ගොඩනගන්න සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍යයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment