ඉන්දියාවෙන් ඔස්ට්‍රේලියාවට 400ක අභියෝගයක්

243

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 399ක් රැස් කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි අතර එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතකයක සබඳතාවක් ගොඩනගන්නට ශුබ්මන් ගිල් සහ ශ්‍රෙයාර්ස් අයියර් සමත් වූහ.

අයියර් සිය එක්දින දිවියේ තෙවැනි ශතකය ද ගිල් හයවැනි ශතකය ද වාර්තා කරගන්නට සමත් වූ අතර පිළිවෙළින් ලකුණු 105ක් සහ 104 ක් ඔවුහු ලබා ගත්හ. සූර්යකුමාර් යාදව් පන්දු 37කදී දැවැන්ත හයේ පහරවල් 06ක් සමගින් නොදැවී ලකුණු 72ක් ලබා ගත් අතර නායක රාහුල් ලකුණු 52ක් ලබා ගත්තේය. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ද ඉන්දියාව ජය ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment