යොහානි මැතිසබයේදී අනිද්දා ඇගයුමට

93

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටනක් ලබන අඟහරුවාදා (23 දා) පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය එම උත්සවය සංවිධානය කරන බව එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප‍්‍රධානි සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මෙම උත්සවයට අගමැති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය ඇමැතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වෙති.

මෙම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බව කුෂානි රෝහණදීර මහත්මිය තවදුරටත් පැවැසුවාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment