වැඩි මිලට සිමෙන්ති වික්කට සමාගම්වලට කිසිවක් කළ නොහැකිලූ

178

සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට වැඩියෙන් අධික මිලකට වෙළෙඳුන් විසින් සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275ක් ලෙස සටහන් කර තිබුණත් වෙළෙඳුන් විසින් රුපියල් 1500, 1700 වැනි මිලකට තමන් හිතූ හිතූ ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත් පාරිභෝගිකයෝ කියති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සිමෙන්ති සමාගමක ප‍්‍රකාශකයකු සඳහන් කළේ සිමෙන්ති කොට්ටයේ අලෙවි මිල එහි සඳහන් කර ඇති බවත් එම මිලට වැඩියෙන් සිමෙන්ති අලෙවි කිරීම සම්බන්ධයෙන් සිමෙන්ති සමාගම්වලට කිසිවක් කළ නොහැකි බවත්ය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment