බ්ලුමෙන්ඩල් පාතාලයේ ආයුධ තොගයක් රාගමින් ගොඩගැනේ

468

බ්ලුමෙන්ඩල් සංඛ සහ බ්ලුමෙන්ඩල් සමීර නමැති පාතාල නායකයන් දෙදෙනාට අයත් බව කියන ටී 56 අවියක් ඇතුළු අවි ආයුධ තොගයක් රාගම ප්‍රදේශයේ වළ දමා තිබියදී මෝදර පොලිසිය මඟින් පෙරේදා (05දා) සොයාගෙන ඇත.

මෙම පාතාල කල්ලියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව අවි ආයුධ සොයාගත් බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මඟින් ලබාදුන් තොරතුරුවලට අනුව මෝදර පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පාතාල සාමාජිකයන් සහ අවි ආයුධ සොයා ගැනීමට හැකි විය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක සිදු කළ මිනිස් ඝාතන රැසකට මෙම ටී 56 අවිය ඇතුළු අවි ආයුධ යොදා ගන්නට ඇති බවට සැක පහළ කරයි. මෙහිදී සොයාගත් අවි ආයුධ අතර ටී 56 අවියක්, මැගසින් දෙකක්, ජීව උණ්ඩ 23ක් තිබූ බව පොලිසිය පවසයි. මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment