වවුනියාව සාදය හමාර කළ මැරයා අත්අඩංගුවට

1540

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුව වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.වවුනියාව පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ මෙම ප්‍රධාන සැකකරුව ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බවය.පසුගිය 24 වැනිදා අලුයම මෙම අපරාධය සිදුවී තිබුණි.පොලීසිය තවදුරටත් පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වවුනියාව පොලීසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරුව අත්අඩංගුවට ගත් බවය.වවුනියාව, කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (03) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.එහිදී ඔහු මෙම මස 11වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment