ගම්මන්පිලගෙන් පොලිස් බලතල ඉවත් කරන යෝජනාවක්

768

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට ඊයේ (02) යොමුකර තිබේ.උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.ඒ අනුව සංශෝධනයට අදාළ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 වැඩබලන මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment