අර්ථසාධකයෙන් දෙවැනි වරට 30% ගතහැකි 2025 දී – කම්කරු අමාත්‍යාංශය

254

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30 ක මුදලක් ලබාගැනීමට දෙවනවර ඉදිරිපත් වන අයට අවස්ථාව ලැබෙන්නේ 2025 වසරේදී බව කම්කරු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ තමන්ට හිමි ශේෂයෙන් සියයට 30 ක් මුලින්ම ලබාගෙන සිටින පිරිසට 2025 වසරේදී දෙවැනි වරට ලබාගැනීමේ හැකියාව ඇතත් දෙවැනිවරට ලබාදිය හැකිදැයි සොයාබලමින් සිටින බව එම නිලධාරියා කීය.

මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබන පිරිස් සියයට 30 බැංකු ණය ගැනීමට අරමුදලේ ශේෂය ඇපයට තැබීම හේතුවෙන් ඇතැමුන් විශ්‍රාම යෑමෙන් පසු හිමි වන ශේෂය රුපියල් ලක්‍ෂ හත, අටක් වැනි මුදලක් බවට පෙනීගොස් ඇති බවත් ඒ නිසා දෙවැනිවර ලබාදීමට ඇති හැකියාව ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් එම නිලධාරියා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment