වෛද්‍යවරයකු නැතිව ජ’පුර රෝහලේ වකුගඩු සත්කාරක සේවා අඩාළ වන ලකුණු

139

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු රෝග පරිතාන කාන්දුකරණ හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු විශ්‍රාම යෑම සහ අනෙක් විශේෂඥ වෛද්‍යවරයා විදෙස්ගතවීම නිසා වකුගඩු රෝගීන්ගේ රෝගී සත්කාරක සේවාවන් අඩාළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

එම රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා විශ්‍රාම යෑමත්, විශේෂඥ වෛද්‍ය චින්තක ගලහිටියාව මහතා විදේශගත වීමත් නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ වන විට සිටි වෛද්‍යවරුන් දෙදෙනා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක් වෛද්‍යවරයකු ලබා දී රෝගී සත්කාරක කටයුතු සිදුකරන බවත්, අනෙක් වෛද්‍යවරයා කඩිනමින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව ඇති බවත් ය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment