ශ්‍රී ලංකාවේ අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් දෙන්න තියෙන රජයෙන් හෝ එන්න ඉන්න රජයකින් ඇමෙරිකාව ඉල්ලයි

88

ශ්‍රී ලංකාවේ අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් ක්‍රියාකරන ලෙස ඇමෙරිකාව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

කිසිදු දේශපාලන පක්‍ෂයක අභිවෘද්ධියට නොව ජාතියේ අභිවෘද්ධිය සලකා පවතින තත්ත්වයට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියාකළ යුතු බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ඒ.එස්.පී. පුවත් සේවයට පවසා ඇත.

දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා මෙන්ම විදුලිය, ආහාර සහ ඉන්ධන හිඟය ඇතුළු අහිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් අතෘප්තියට පත් ජනතාවට ලබාදෙන විසඳුම් හඳුනාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද පවතින රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව තෝරා ගන්නා ඕනෑම රජයකින් ඉල්ලා සිටින බව ද එම ඇමෙරිකානු උසස් නිලධාරියා පවසා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment