සිරකරුවන් දෙදෙනෙක් පලා යති

420


අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් ඇත.

එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

එක් රැඳවියෙකුට මාස 02ක සිරදඬුවමක් සහ අනෙක් පුද්ගලයාට මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment