කැනඩාවේ සය පුද්ගල ඝාතකයා අධිකරණය හමුවට

863


ඉකුත් මාර්තු 06වැනිදා මුළු මහත් කැනඩාවම කම්පාවට පත් කළ එකම පවුලේ ශ්‍රී ලාංකීය මවක් හා ඇයගේ දරුවන් සිවුදෙනා ඇතුළු හය දෙනෙකු පිහි ඇණුම් ප්‍රහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලාංකීය සිසුවෙකු වන 19 හැවිරිදි ෆේබ්‍රියෝ ඩි සොයිසා ඊයේ කැනඩාවේ ඔටාවා නගරයේ අධිකරණය හමුවේ දුරකථනය මාර්ගයෙන් පෙනී සිට තිබේ.

කෙටි වේලාවක් සදහා ඔටාවා නගරයේ එල්ගින් වීථියේ පිහිටි අධිකරණය හමුවේ පෙනී සිට ඇති සැකකාර ශ්‍රී ලාංකීය සිසුවා නැවත ලබන අප්‍රේල් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. ඔහු විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති සය පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වන පූර්ව අධිකරණ නඩු විභාගය ලබන අප්‍රේල් 17 වැනිදා කැදවීමට නියමිත බව කැනේඩියානු මාධ්‍ය පවසයි.

ඊයේ අධිකරණය හමුවේ දුරකථනය මාර්ගයෙන් පෙනී සිට ඇති සැකකරු ඔහුගේ නම උපන් දිනය හා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින දිනය පමණක් පවසා ඇත. ෆේබ්‍රියෝ ඩි සොයිසා ගේ මානසික තත්ත්වය පිළිබදව තක්සේරුවක් ඉදිරිපත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි ඔහුගේ නීතිවේදීයා වන එවන් ලයිට්ල් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment