ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර

140

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි, කළු, ගිං, නිල්වල්, මහවැලි යන ගංගාවල සහ මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් දැඩි ගංවතුර තත්ත්වක් ඇතිවීමේ අවදනාමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment