අයිඑම්එෆ් ණය ගන්න දුන් සහායට පාකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි

113

පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ණය සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ සහයෝගයට එරට අගමැති ෂෙහ්බාස් ෂරීෆ් මහතා විසින් සිය ස්තුතිය පළ කර ඇත.

ශ්‍රී ලංකාව පාකිස්තානයේ සැබෑ මිතුරකු සහ සුබපතන්නකු ලෙස ඉටුකළ කාර්යභාරය අගමැති ෂෙහ්බාස් ෂරීෆ් බෙහෙවින් අගය කර ඇත. එසේම කලාපීය සාමය සහ සෞභාග්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කාර්යභාරයද පාකිස්තාන නායකයාගේ පැසසුමට ලක්ව තිබේ.

පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික දුෂ්කරතාවලින් ඉක්මනින්ම ගොඩඒමට හැකි වනු ඇතැයි අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විශ්වාසය පළ කර ඇත.

පාකිස්තාන අගමැතිවරයාට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ පාකිස්තානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු බවත් මිතුරන්ට උපකාර කිරීම මිත්‍රත්වයේ ලක්ෂණයක් බවත්ය. දෙරටේ නායකයන් අතර පසුගියදා පැවති දුරකථන සංවාදයකදී මේ කරුණු හුවමාරු වී තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment