වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගන්න ගිය පොලිස් කණ්ඩායමකට යාපනයේදී පහරදීලා

63

යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියේ පොලිස් කණ්ඩායමකට සුෂිපුරම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදීම නිසා එක් පොලිස් නිලධාරියෙකු 18 දා සුළු තුවාල ලබා තිබේ.

යාපනයේ සුෂිපුරම් පරලෙයි ප්‍රදේශයේ සැඟව සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු සමග සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දී ඇත.

මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට ගිය වරෙන්තුකරු පලාගොස් ඇති අතර පොලිස් නිලධාරීන් පිරිස උපක්‍රමශීලීව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ ගම්වාසීන්ද එම ස්ථානයට පැමිණීමත් සමගම ඇති වූ දැඩි නොසන්සුන්තාවක් හේතුවෙනි.

පලාගිය සැකකරුව අත්අඩංගුවට ගැනීමට වඩුකෝඩෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment