ලොව පුරා සිටින සාර්ථක ව්‍යාපාරිකයන් ආකර්ෂණය කර ගැනීම මෙරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ අරමුණයි

64

ආරම්භක සමුළුවේ ප්‍රධාන අමුත්තා මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ (Global CEO Forum-2023) සැප්තැම්බර් 21 වැනිදා ප. ව. 5.00 ට කොළඹ ගලධාරි හෝටලයේදී ආරම්භ වේ.

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගි වේ.

මෙම සමුළුව ලෝක මට්ටමින් දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීමට සහ ලොව පුරා සිටින ඉදිරි දැක්මක් ඇති සාර්ථක ව්‍යාපාරික නායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මනා වේදිකාවක් සපයනු ඇති බව මෙම සමුළුවේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ අනුර සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කීවේ පසුගියදා (අගෝස්තු 31 දින) කොළඹ ගලධාරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම සමුළුව සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන පෙළේ නියෝජිතයන් 200 ක් පමණ සහභාගි වීමට නියමිත බවත් ඔවුන් අතර රාජ්‍ය ධූත මණ්ඩල නියෝජිතයන්, සමාගම් සභාපතිවරු, සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, සමාගම් අධ්‍යක්‍ෂවරු, ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල තීරණ ගන්නන් ඇතුළු පාර්ශ්වයන් ඇතුළත් වන බවද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අනුර සිරිවර්ධන මහතා කීවේය.

මේ අදහස සුළුවෙන් පටන් ගත්තේ මේ සඳහා බොහෝ දෙනෙක් සහය දුන්නා. ලංකාවේ ප්‍රවීණතම ප්‍රධාන විධායක නිලධාරීන් රැසකට මේ සමුළුව සඳහා අප ආරාධනා කර තිබෙනවා. අපට එකට එකතු වීමෙන් බොහෝ දේ කළ හැකියි. ජාතික ආර්ථිකයට බොහෝ ප්‍රතිලාභ අත්කර දිය හැකියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ හැම වෘත්තිය සංවිධානයක්ම පාහේ මේ ගෝලීය නියමු සමුළුව සාර්ථක කර ගැනීම සඳහා අප සමග අත්වැල් බැඳගෙන සිටිනවා යැයිද මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර සිරිවර්ධන මහතා තවදුරටත් කීවේය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම මාධ්‍ය හමුව අමතා අනුර සිරිවර්ධන මහතා කතා කළ අයුරුයි. තවත් විද්වතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment