ලිංගික අල්ලස්…. බිය ගැන්වීමක් ඇවිත් ආදිවාසීන් ක්‍ෂද්‍ර ණය උගුලේ සිරකරලා

175

ආදීවාසී නායක ජනපතිට මහබැංකු අධිපතිට ලියයි

හෙනානිගල සහ වාකරේ ඇතුළු තවත් ප්‍රදේශවල ආදිවාසී ප්‍රජාව ක්‍ෂද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා පීඩාවට පත්කර ඔවුන්ගේ නොදැනුවත්කම සහ නූගත්කම භාවිත කර ණය උගුලකට සිරකර ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තේ ජනාධිපති රනිල් විකමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිඛිතව පැමිණිලිකොට තිබේ.

දැනටමත් විවිධ ආයතනවලින් පැමිණෙන නිලධාරීන් ආදි වාසි ප්‍රජාවට බලපෑම් කරන බවත් ණය උගුලේ සිරවී ඉන් මිදීමට නොහැකිව ආදිවාසීන් අසරණ කර ඇති බවත් එහි සඳහන් කර තිබේ.

ආදිවාසී නායකයා ලිඛිතව යවා ඇති එම පැමිණිල්ල මගින් මේ තත්ත්වය උදාවීමට හේතුවී ඇති පහත ගැටලු සහගත කරුණු ද පෙන්වා දී තිබේ.

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගිවිසුම හා ලියවිලි ඉංග්‍රීසි භාෂාවෙන් වීම හා ඒ ඔස්සේ විවිධ කොන්දේසිවලට අත්සන් ගැනීම, මෙහිදී උද්ගතව ඇති දුක් ගැනවිලි යාන්ත්‍රණයක් නොමැතිවීම, අසාධාරණ ගිවිසුම් සැකසීම, ණය ගැටලුවලට ලිංගික අල්ලස් ගැනීමට පෙළඹවීම, ණය එකතුකරන්නන්ගේ හිරිහැර, බියගැන්වීම්, ලිංගික අල්ලස් ඉල්ලීම, ණය උගුලේ සිරවී ඇති ණය කපාහැරීමට හෝ ණය ගෙවීමට සහනයක් ලබාදීමට ක්‍රියා නොකිරීම ආදී ගැටලුද එමගින් අවධාරණය කර තිබේ.

මේ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයද නිවේදනයක් නිකුත්කරමින් ලාංකේය ආදිවාසී ජනතාව මෙහිලා විඳින පීඩනය ගැන අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment