තිරප්පනේ වැව් වාන් දමයි – රාජාංගනය ජලාශයේ වානදොරටු අටක් විවෘත කරයි

223

පසුගිය දින කීපයෙහි සවස් කාලයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ තිරප්පනේ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් තිරප්පනේ මහවැව, තෝඩමඩුවැව, ඇතුළු වැව් කීපයක් වාන් දැමීමට පටන් ගෙන තිබේ.

මේ අතර තවත් වැව් කීපයක් වාන් දැමීමට ආසන්න මට්ටමට පැමිණ ඇති අතර ඉකුත් දින කීපයේ දී තිරප්පනේ ඇතුළු ප්‍රදේශ ගණනාවකට සවස් කාලයේ දී ධාරානිපාත වර්ෂා ඇදහැළුණු බව වාර්තා විය. තිරප්පනේ වැව වාන් දැමීම නිසා වාන් ජලය කුඹුරු යාය මැදින් ගලාගෙන යෑම හේතුවෙන් වපුරන ලද කුඹුරු අක්කර 05ක් පමණ ජලයෙන් යට වී තිබිණ.

මේ අතර රාජාංගනය ජලාශයේද වාන් fදාරටු අටක් විවෘත කර ඇති අතර තත්ත්පරයට ඝන අඩි 10850 කින් කලාඔයට ජලය මුදා හැරෙන අතර අංගමුව ජලාශයේද වාන් fදාරට දෙකක් විවෘත කර ඇති අතර එහි තත්ත්පරයට ඝන අඩි 4100 කින් කලාඔයට ජලාශය මුදා හැරේ.
තිරප්පනේ – සමන් පෙරේරා, එප්පාවල – තිසර සමල්

advertistmentadvertistment
advertistmentadvertistment