ජනපතිගේ රුව කටවුට් සහ පොස්ටර් වලට බැහැ

695


මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට අද එක්වෙමින් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment