රු. කෝටි 100ක සීනි බදු වංචාවක් – විපක්‍ෂ නායක සජිත් කියයි

79

සීනි සඳහා ගහන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙටි්‍රක් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත්කිරීම නිසා රජයට කෝටි 100ක බදු පාඩුවී ඇති බවත්.. 08 – පිටුවට

මෙම සීනි මෙටි්‍රක් ටොන් 22000 හොර රහසේ නිකුත්කිරීම නිසා මෙම පාඩුව සිදුවූ බවත් මෙම පාඩු මඟහරවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර සිටියේ සක්වල තොරතුරු තාක්‍ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විiාලයට 44වැනි සුහුරු පන්ති කාමරය ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරැකීමට රජය කටයුතු කර ඇති බවත් මෙවැනි වංචාවලට ඉඩදී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමට දැයි සැකයක් මතුවන බවත් මේ බදු වංචාවට සෘජුවම රජය සම්බන්ධ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුවී නැවත බදු පැනවිය යුතු බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment