මදුරන්කුලියේ ජලය පිරි කාණුවකට වැටුණු දැරිය මරුට

297

මදුරන්කුලිය ජලය පිරි කාණුවකට වැටීමෙන් කුඩා දැරියක් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

එම ප්‍රදේශයට ඇද හැළුනු අධික වැසි හේතුවෙන් 04 වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇති අතර මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය මහා විද්‍යාලය ආසන්නයේ නිවසක පදිංචිව සිටි ඔනෙති ලිනේසා ඔමාලි නම් වූ වයස අවුරුදු 01 යි මාස 02 ක දැරිවියකි.

ජලය ගලා ගෙන යන කාණුවට වැටී අනතුරට පත්ව ඇති දැරිවිය ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදී ඇයගේ දෙමව්පියන් විසින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දැරිවිය මිය ගොස් ඇත. මදුරන්කුලිය පොලිසය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබයි.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment