ප්‍රමිතියට නැති නිසා ඉන්දියාවෙන් ගෙන්වූ නිර්වින්දන ඖෂධ කුප්පි ලක්‍ෂයක් අහකට දාලා

100

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ඉන්දියානු සමාගමකින් මෙරටට ගෙන්වූ ‘ප්‍රොපා්ෆෝල්’ :චරදචදදෙක* නමැති නිර්වින්දන ඖෂධය අඩංගු කුප්පි ලක්‍ෂයක් ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛi චමල් සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය.

අදාළ ඖෂධය මෙරට ලියාපදිංචි ඖෂධයක් නොවන බව ඖෂධ නියාමන අධිකාරිය විසින් ද තහවුරු කර ඇති බැවින් රුපියල් මිලියන ගණනක් වැය කර ගෙන්වනු ලැබූ මෙම ඖෂධය පිළිබඳ වහාම නිසි පරීක්‍ෂණයක් සිදුකර ඖෂධය මෙරටට ගෙන්වනු ලැබූවන්ගෙන් අලාභය අයකර ගැනීම වෙනුවෙන් බලධාරීන් ක්‍රියා කළ යුතු බව ද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ සහ 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළදී ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේදී සිදුව තිබෙන අක්‍රමිකතාවන් සහ වංචාවන් පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අද (16 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

‘ප්‍රොපෝෆෝල්’ නිර්වින්දන ඖෂධය මෙරට ලියාපදිංචි වී නොමැතිව තිබියදී එම ඖෂධය රෝහල්වලට බෙදාහැර,

රෝගීන්ගේ භාවිතයට යොදා ගන්නා තෙක් බලධාරීන් නොදැන සිටි බවත්, රෝගීන්ට සංකූලතා මතුවීම නිසා මෙම නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වෛi චමල් සංජීව මහතා කියා සිටියේය.

එසේම මෙවැනිම ප්‍රතිජීවක ඖෂධ තොගයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500 ක මූල්‍ය වංචාවක් සිදුවීමට ගිය බවත්, ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කළ පසු ටෙන්ඩරය ලබාදීම නවතා දමා ඇති බවත් විශේෂඥ වෛi චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment