නොරොච්චෝලේ තෙවැනි යන්ත්‍රය අක්‍රීය වෙයි

86

නොරෝච්චෝල ගල්අඟුරු බලාගාරයේ තෙවැනි යන්ත්‍රය පෙරේදා (14 දා) කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි විය. මෙය සතියක් ඇතුළත අලුත්වැඩියා කරගත හැකි වෙතැයි ඉංජිනේරුවන් බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න මහතා පැවසීය.

බලාගාරයේ යන්ත්‍රයක් නතර වුවද එයින් නිපදවාගත් විදුලිය ප්‍රමාණය තාප බලාගාර මගින් නිපදවා ගන්නා නිසා විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ද ඒ මහතා කීය.

දෛනිකව සියයට 14 ක් 15 ක්ව තිබූ විදුලි නිෂ්පාදනය පවතින වැසි හේතුවෙන් පෙරේදා සියයට 27 ඉක්මවා නිපදවා තිබූ බව ද ඒ මහතා පැවසීය. ලක්‍ෂපාන බලාගාර ප්‍රදේශයට වැඩි වශයෙන් වර්ෂාව ලැබී තිබුණත්, මහවැලි ජලාශ ප්‍රදේශවලට පෙරේදා වනවිට වැඩි වර්ෂාපතනයක් ලැබී නොතිබුණු බව ද ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment