මැතිසබයේ ගෝරි යන වෙලාවට සිසුන් එළියට දාන්න එපා

51

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කළහකාරී ලෙස හැසිරෙන අවස්ථාවන්හිදී සභාවේ කටයුතු දැක බලා ගැනීමමට පැමිණ ගැලරියේ අසුන්ගෙන සිටින පාසල් ළමුන් ඉන් ඉවත් නොකරන ලෙස සමගි ජනබලවේගය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

රට හදන තැන සහ නීති සම්පාදනය කරන මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම් පාසල් දරුවන් ද බලා සිටින බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව හෝ සිතා තම යහපැවැත්ම වර්ධනය කර ගැනීමට එවිට කල්පනා කරනු ඇතැයි සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තුව යනු විවෘත සහ විනිවිදභාවයකින් ක්‍රියා කළ යුතු ස්ථානයක් බැවින් මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම් සහිත රූපවාහිනී දර්ශන ද ප්‍රදර්ශනය කළ යුතු යැයි හෙතෙම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යෝජනා කර සිටියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment