ලංකාවෙන් රට පැන්න අපරාධකරුන් 88ක් අල්ලන්න ඉන්ටපෝල් නිල් නිවේදනයක්

170

ශ්‍රී ලංකාවෙන් පැනගිය සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී තිබේ.

මේ හැර මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 41 දෙනකු සඳහා ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර තිබේ. එම රතු නිවේදනවලට ලක්ව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින 9 දෙනෙකු පිළිබඳව අධිකරණයේ විභාග වන නඩු අවසන් වීමෙන් පසු ඔවුන් 9 දෙනා ශ්‍රී ලංකාවට භාර දීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව කියයි.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment