ඖෂධ සංස්ථා ටෙන්ඩර් පුටුවකට දූෂිතයෙක් !

74

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන අංශයේ ඉහළම තනතුරකට දූෂණ චෝදනා රැසක් එල්ල වී සිටින එහි උසස් නිලධාරියකු පත් කිරීමට එක්තරා දේශපාලන ප්‍රබලයකු උත්සාහ කළ බව එහි උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන භාර ප්‍රධාන තනතුරට මෙවැනි දූෂිත නිලධාරියකු පත් කිරීමට ගන්නා උත්සාහය පිටුපස ඖෂධ සමාගම් කිහිපයක්ම සිටින බව එම උසස් නිලධාරියා කීය.

මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ අය සමග සමීපව කටයුතු කර ඇති මෙම නිලධාරියා අදාළ ප්‍රසම්පාදන ප්‍රධාන තනතුරට පත් කිරීමට යෑම පිළිබඳ වහාම සොයා බලන්නැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් නිලධාරීහු ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment