ඉවතලන ප්ලාස්ටික් එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන මධ්‍යස්ථානයක් විවෘත වෙයි – ඔබේ ප්ලාස්ටික් මෙතැනට දෙන්න…

327

Zerotrash තේමාව අනුව යමින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්” පසුගියදා බොරලැස්ගමුවේ දී විවෘත කෙරිණි. දිවයින පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. එලිෆන්ට් හවුස් සහ Zerotrash මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කළේය.

ඉවතලන ප්ලාස්ටික් එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන  මධ්‍යස්ථානයක් විවෘත වෙයි - ඔබේ ප්ලාස්ටික් මෙතැනට දෙන්න...

 මෙම නවතම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැුස් කිරීමේ මධ්‍යස්ථානය භාවිත කර ඉවත දමන ලද ප්ලාස්ටික් එක්රැුස් කිරීමේ පරිශ‍්‍රවලින් ප‍්‍රවාහන කිරීම සහ සේවා කාර්යමණ්ඩල සාමාජික පිරිසකගෙන් සමන්විතය. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් ලබා ගැනීම සඳහා මහජනතාවට දිනයක් සහ වෙලාවක් වෙන්කළ හැකි අන්තර්ජාල සේවාවක් ද මෙම මධ්‍යස්ථානය හරහා ක‍්‍රියාත්මක වේ. ඊට අමතරව, ප්ලාස්ටික් එක්රැස් කිරීමේ පරිශ‍්‍රය වෙත ගොස් ඕනෑම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය මීට භාරදීමේ අවස්ථාව ද මහජනතාවට හිමිකර දී තිබේ. මේ වන විට මෙම සේවාව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත‍්‍රික්ක පුරා ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.

 මෙම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැුස් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳ අදහස් පළ කරමින් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා සඳහන් කළේ, ”වර්තමානයේ සමාජයටත්, පරිසරයටත් ප‍්‍රතිලාභ හිමිකර දිය හැකි තිරසර ව්‍යාපෘති කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වනවා. මෙම ව්‍යාපෘතිය හරහා, දීර්ඝ කාලයක පටන් ගැටලූවක් බවට පත්ව තිබූ කරුණක් සඳහා සාධනීය විසඳුමක් ලබා දෙන අතරම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳ යහපත් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම ද අපගේ අරමුණයි යනුවෙනි.

 ”සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් සමාගමේ අරමුදලින් Plasticcycle ව්‍යාපෘතියේ සහයෝගයෙන් යුතුව හඳුන්වා දී ඇති Zerotrash ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැුස් කිරීමේ මධ්‍යස්ථානය, ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ¥ෂණය අවම කිරීම සඳහා වන අපගේ සාමූහික දැක්ම වෙත ප‍්‍රධාන පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහයක ප‍්‍රතිඵලයක්. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැුස් කරන්නන් චක‍්‍රීය ආර්ථිකයක ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකරන අතර ඔවුන්ගේ යටිතල පහසුකම්, ධාරිතාව සහ වපසරිය පුළුල්කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීම වැදගත් වනවා,” යනුවෙන් ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ ආයතන මුල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘති ප‍්‍රධානී නිස්රීන් රේමන්ජි මහතා ප‍්‍රකාශ කළේය.

 Zerotrash ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී හසංක පාදුක්ක මහතා ද මෙම මධ්‍යස්ථානය පිළිබඳ සිය අදහස් පළ කළේය.

 ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන්ම වෙනත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එක්රැුස්කර ZeroTrash එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙතට බාර දීමට හෝ www.zerotrash.lk හරහා එම අපද්‍රව්‍ය බාරදීමට හැකි දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හෝ කටයුතු කරන ලෙස අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතා කුඩා පියවරකින්, මෙරට උද්ගතව ඇති බරපතළ ම ගැටලූවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට විශාල ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බව අපගේ විශ්වාසයයි.” ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment