ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.

eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි.

මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance,and Sustainability) සම්මාන උළෙලට වසර 58 කට අධික ඉතිහාසයක් ඇත. ප්‍රගතිය, තිරසාරත්වය සහ ධනාත්මක වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වාසය, පෞද්ගලිකත්වය සහ සාමූහික වගකීමයන සාධකවල වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණයි. වාර්ෂික වාර්තා පිළියෙල කිරීමේදී විනිවිදභාවය, වගවීම, ආයතනික යහපාලනය සහ තිරසාරත්වය යන ගුණාංගවලට මුල්තැන දුන් සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.

eChannelling PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (තොරතුරු පද්ධති) සමන්කුමාරි අමරසිංහ, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ඉසුරු දිසානායක සහ මුල්‍ය කළමනාකරු සඳුන් රන්දෙණි යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment