ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිය 52 වැනි සංවත්සරය එහි ප්‍රධාන කාර්යාලයේදී අර්ථවත්ව සමරනු ලැබීය.

එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, දුෂ්‍යන්ත බස්නායක යන මහත්වරුන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍ර‍ධාන විධායක නිලධාරී, ශෂී කණ්ඩම්බි මහත්මිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ඉතිරිකිරීමේ බැංකු පවුලේ සාමාජිකයින් යන පාර්ශවයන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් බැංකුවේ 52 වැනි සංවත්සරය සමරනු ලැබිණි.

මෙම උත්සවය ජාතික ඉතිරිකිරීමේ බැංක=වේ සේවා විශිෂ්ටත්වය සහ එහි පාර්ශවකරුවන් වෙනුවෙන් වූ නොසැලෙන කැපවීම පිළිබිඹු කළ අවස්ථාවකි.

සිව් ආගම්ව, විවිධත්වයට සහ එකමුතුකමට ගෞරව කරමින් ආගමික වතාවත්වලින් සංවත්සර උත්සවය ආරම්භ විය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බහුවිධ සංස්කෘතික සහ ආගමික ගෞරවය මේ තුලින් සංකේතවත් විය.

ආගමික වතාවත්වලින් අනතුරුව සභාව ඇමතූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ අසීමිත හැකියාවන් පිළිබඳව සිය ගැඹුරු විශ්වාසය පළ කළේය. සංවිධානය තුළ පමණක් නොව සමස්ත ජාතියේම අභිවෘද්ධියට දායක වීම උදෙසා ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ඔවුන්ට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු අවධාරණය කළේය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාර්ථකත්වය සහ එහි ශ්‍රම බලකායේ යහපැවැත්ම අතර සහජීවන සබඳතාවක් පවතින බවත් යම් සංවිධානයක් සමෘද්ධිමත් වන විට ඒ සඳහා කැපවූ සාමාජිකයින්ට නිරායාසයෙන්ම ප්‍ර‍තිලාභ හිමිවන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment