එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නියෝජිතයා විපක්ෂ නායක සජිත් හමුවෙයි

57

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා මෙරට වැඩ බාර ගැනීමෙන් අනතුරුවය.

එහිදී මෙරට සමාජ ආර්ථික දේශපාලන කරුණ රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හා කරුණු රැසක් හුවමාරු කර ගැනීම සිදු විය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිතවරයා දැනුවත් කිරීම සිදුවිය. එසේම වත්මන් රජය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් මැතිවරණ කල් දැමීමත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත් සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුවත් කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment