බිත්තර කිරයි ඇනෙයි!

150

සුදු කිලෝව රු. 880 යි දුඹුරු කිලෝව රු. 920 යි

බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා ඊයේ (20 දා) සිට උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 880 ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 920 ක මිලක් ප්‍රකාශයට පත්කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (20 දා) සිට ක්‍රියාත්මක වන පරිදි බර අනුව බිත්තර අලෙවි කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබිණි.

පසුගිය ජනවාරි මස 20 වැනිදා පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ අතර ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 කට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ලෙස අලෙවියට මිල නියම කෙරිණි.

බර අනුව බිත්තර අලෙවි කිරීමේ නව මිල නියමයන්ට අනුව සුදු බිත්තරයක් 53 – 55 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපිල් 55-57 අතර මිලකට පාරිභෝගිකයාට මිලදී ගැනීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (20දා) මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම නිෂ්පාදන පිරිවැය පිළිබඳව නිවැරදිව සොයා බැලීමෙන් තොරව බිත්තර කිරා විකිණීමට ගත් තීරණයෙන් බිත්තර නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද බරපතළ අසාධාරණයක් වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර , කමල් බෝගොඩ සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment