කැපූ ලීය පපුවේ ඇනී වඩු කාර්මිකයා මරුට

476

බළන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ ලී මෝලක ලී ඉරමින් සිටි වඩු කාර්මිකයකු ලීයක කැපුණු අඩි 5 ක් පමණ කොටසක් පපු ප්‍රදේශයේ වැදී සිරුර පසාරු කරගෙන යෑමෙන් මරණයට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඕපනායක ප්‍රදේශයේ විසූ කේ. ටී. කුමාරසිරි චන්ද්‍රසෝම (48) නමැති තිදරු පියෙකි.

මෙහිදී සාක්ෂි දුන් ඔහු සමඟ ලී මෝලේ සේවය කළ එම්. පී. රුවන් වීරසිංහ නමැති අය පැවසුවේ ලීයක් කපමින් සිටියදී එහි කොටසක් කැපී වෙන් වී ඔහුගේ සිරුරේ වැදී පසාරු කරගෙන ගිය බවයි.

බළන්ගොඩ – එන්.එච්.පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment