මුල්ලිවයික්කාල්  සැමැරුම්  පැවැත්වෙයි…

602

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී 2009 වසරේ යුද ගැටුම් හේතුවෙන් මිය ගිය පිරිස් සමරා ඊයේ (18 දා) ප්‍රධාන අනුස්මරණ වැඩසටහන් පවත්වන ලදි. සිවිල් සංවිධාන එකමුතුවක් මගින් මෙය සංවිධානය කර තිබිණි.

 උතුරු පළාත පුරා ඉකුත් 12 දා සිට 18 දා දක්වා මෙවැනි සැමරුම් උත්සව පැවැත්වීමට සතියක කාලයක් නම් කොට තිබූ අතර එය ‘ජන සංහාර සතියක්’ වශයෙන් ඔවුන් විසින් නම් කර තිබිණි.

 යුද ගැටුම් පැවැති සමයේ කොටි ත්‍රස්තවාදීන් අවසානයේ මුලතිව් දිස්ත්‍රික්කයට කොටුවූ අතර පසුව මෙම මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී ඔවුන් යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් විය. මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ස්මාරකය අබියස මෙම සැමරුම් පැවැත්විණි. එහිදී ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා පහන් දල්වා සැමරුම් පවත්වන ලදී.

 මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment